ඉන්ධන බෙදාහැරීමට බාධා පමුණුවන, අනෙකුත් සේවකයන්ගේ රාජකාරිවලට හෝ අත්‍යවශ්‍ය කටයුතුවලට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හෝ සේවකයන් සම්බන්ධයෙන් ඕනෑම විනය පියවරක් ගන්නා ලෙසට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඛනිජ තෙල් සංස්ථා සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
එහිදී එවැනි පිරිස් රැකියාවෙන් ඉවත් කිරීම හෝ අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙසට ඔවුන්ට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබිණි.