තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, රදැල්ල ප්රදේශයේ දී ඉන්ධන රැගත් බවුසර් රථයක් අද (14) සවස පෙරෙළීයාමෙන් අනතුරකට ලක්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
කොළඹ සිය වැලිමඩ දක්වා පෙට්ට්රල් සහ ඩීසල් තොගයක් රැගෙන යමින් තිබූ බවුසර් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර, බවුසර් රථය අනතුරට ලක්වීමේදී එහි පැවති ඉන්ධන පිටතට කාන්දු වෙමින් පැවති අතර ඒවා ලබා ගැනීමට ප්රදේශවාසීන් කටයුතු කරනු අයුරු දැක ගන්නට ලැබිණි.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් එම තත්ත්වය පාලන කිරීමට පියවර ගත් අතර, පසුව වෙනත් බවුසර් රථයකට ඉන්ධන තොගය මාරු කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබිණි. මේ පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ/හැටන් රංජිත් රාජපක්ෂ


