ඉන්ධන බලපත්‍ර ලබාගැනිමට තිබූ ගැටලු අවසන්
ඉන්ධන කෝටාව සඳහා QR කේතය ලබා ගැනීමට පැවති ගැටලු විසඳීමට කටයුතු කර ඇති බැවින් නව කේතයක් ලබා ගැනීමට ලියාපදිංචි වීමට හැකිබව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (19) රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
වාහනයේ හිමිකම සහ දුරකතන අංකය වෙනස් වී නොමැති නම් කලින් ලියාපදිංචි කළ QR කේතය භාවිත කළ හැකි බව සඳහන් කළ ඒ මහතා නව වාහනයක් මිලදී ගත් හෝ වාහනය වෙනස් කර ඇති විට පැරණි QR කේතය පද්ධතියෙන් ඉවත් කර ඒ වෙනුවට භාවිත කෙරෙන නව දුරකතන අංකය ඇතුළත් කර නැවත ලියාපදිංචි කළ හැකි බවද හෙතෙම පැවසීය.
මේ වන විට 2023 වර්ෂයේ සිට ලංකාවේ අයිතිය මාරු කර ඇති සියලුම වාහනවල දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන එ්වා පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බැවින් නව ලියාපදිංචි කිරීම් පහසුවෙන් සිදු කිරීමට හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම පසුගිය දින දෙක තුළ දත්ත මිලියන 2.7ක් පද්ධතියෙන් ඉවත් කළ බවත් ඉරිදා නව ලියාපදිංචි කිරීම් 40,000ක් වාර්තා වූ බව පෙන්වා දෙනන ඒ මහතා 1919 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ලියාපදිංචි කටයතු සඳහා සහය ලබා ගත හැකි බවත් කීය.
වෙනත් පුද්ගලයකුට අයත් QR කේතයක් භාවිත කිරීම පරිගණක නීතිය යටතේ වරදක් බව පෙන්වා දුන් ඒ මහතා www.fuelpass.gov.lk වෙබ් අඩවියෙන් පමණක් භාවිත කර තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවත් රත්නායක මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන කෝටාව ලබා ගැනීමට ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන් ඉන්ධන පිරවුම්හල්වල කටයුතු සඳහා සහය දක්වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

