ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මස හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මෙමගින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබු අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකි වූ බවත් ඒමනේම මෙමගින් අවශ්‍ය කඩිනම් තීරණ සහ බලශක්ති ක්ෂේත්රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවශ්‍ය සැබැ දත්ත ලබා ගැනීමට හැකි වූ බවත් ඔහු පවසයි.
සැප්තැම්බර් මස පළමු දින වන විට මෙම QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට සහ මෙම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගණුදෙණු ලක්ෂ 3500ක් ඉක්මවා සිදු කර ඇති බවද ඔහු පවසයි.
සැප්තැම්බර් මස පළමු දින සිට ඉන්ධන ලබා ගැනීමට QR කේතය තව දුරටත් අවශ්‍ය නොවන්නේ පසුගිය කාලය තුල රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සුත්‍රය, ඉන්ධන වෙළඳ පොළට නව බෙදුම්කරුවන්ගේ එකතුවීම යන කරුණු මගින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මුල්‍ය අවශ්‍යතාවයන් කළමණාකරණය වී ඇති බැවින් බවද ඔහු සඳහන් කරයි.
ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් කිසිදු මූල්‍ය පහසුකමක් ලබානොගෙන මෙම පද්ධතිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල ඩයලොග් ආසියාටා ආයතනයට, මිලේනියම් IT ESP ආයතනයට සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඒජන්සියට (ICTA) කම ස්තුතිය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.
"එමෙන්ම මෙම වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය පලකරමින් මේ වෙනුවෙන් සහය පලකල ජනාධිපතිතුමාට සහ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට ස්තුතිය පලකරමි. එමෙන්ම මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී නියාමන කටයුතු, පර්යේෂණ කටයුතු, පසුවිපරම් කටයුතු සහ නීතිමය කටයුතු සිදු කල විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින්ට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දීය තෙල් සමාගමේ නිලධාරින්ට මෙන්ම මෙම ක්‍රමවේදය සමග අනුගත වූ ඉන්ධන බෙදාහරින්නන්ට සහ ඉන්ධන හල් හිමියන්ට ද මාගේ ස්තුතිය පලකරමි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ සම්පත් බැංකුව දැක්වූ සහයෝගයට ද ජාතික තරුණ සේවා සභාවට, යොවුන් සේනාංකය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් ට මෙන්ම සියලුම මාධ්‍ය ආයතන වලට සහ අනෙකුත් විවිද සංවිධානවලට, මහජනතාව දැනුවත් කිරීමට සහ ලියාපදිංචි කිරීමට ලබාදුන් සහයෝගයට ද ස්තුතිය පලකරමි.
මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ පද්ධතිය තුල මෙම කටයුතු කිරීමට අවසරයන් ලබාදීම වෙනුවෙන් සහ මෙම. වැඩපිළිවෙලට අනුගතවීම වෙමින් සහය දුන්, අපව දිරිමත් කල සියලුම පුරවැසියන්ට ස්තුතිය පලකරමි.
මෙම පද්ධතිය සහ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කරයි.