ජාතික ඉන්ධන බලපත්‍රයට මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මෙම ක්‍රමය එළැඹෙන 21 දා කොළඹ ස්ථාන කිහිපයකදී පරීක්ෂාවට ලක්කරන බවත් ඒ සමගම වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදයද ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවැසිය.
එසේම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය ලබන 25 දා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.