ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම අද (01දා) සිට ආරම්භ කෙරිණ. මේ අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන හල් තුළින් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කරයි.
මෙම ක්‍රමය හරහා ඉන්ධන ලබා ගැනීමට ඊයේ දිනය වන විට වාහන මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබුණි.
ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග ටෝකන් ක්‍රමය හා වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අහෝසි වෙයි.