ඉන්ධන ලබා ගැනිම සදහා ඉන්ධන පෝලිමේ දින දෙකක් සිටියදි එහි සිටි තරුණයෙකුගේ උපන් දිනය එම පොලිම් වල සිටි පිරිස් එකතුවි ඉන්ධන පෝලිමේම සිට කේක් කපා උපන් දිනය සැමරුවේය.
පේරාදෙණිය ඉන්ධන සැපයුම් හලේ දින දෙකක සිට ඉන්ධන ලබාගැනිමට පැමිණ සිටි පිරිසකගෙන් එක් තරුණයෙකුගේ උපන් දිනය අදට යෙදි ඇති බව පැවසිමෙන් පසු එම තෙල් පෝලිමේ සිටි තරුණයන් එකතුව අසල කඩයකින් කේක් එකක් රැගෙන තෙල් පෝලිමේම සිටියදි උපන් දින කේක් කපා එම තරුණයාට සුභ පැතුම් එක් කළහ.
