ඉන්ධන පෝලිමේ දින එකහමාරක් පමණ පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, බණ්ඩාරගම, වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ ගයාන් ශසික පෙරේරා නමැති 42 හැවිරිදි එක් දරු පියෙකි.
ඒ මහතා ඉකුත් 18 දා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර , නිදිවර්ජිතව පෝලිමේ රැදී සිට පෙරේදා පස්වරුවේ ඉන්ධන රැගෙන නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා තිබේ.
එහිදී ඔහුව බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර ,එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන ලෙස පැවසීමෙන් අනතුරුව ඔහුව එම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි ඔහුගේ මව පවසයි.
මියගිය පුද්ගලයා ව පරීක්ෂාකල හොරණ රෝහලේ වෛද්‍යවරියක් පවසා ඇත්තේ බණ්ඩාරගම දිසා රෝහලෙන් ඔක්ෂිජනන් ලබා දුන්නා නම් ඔහු බේරා ගැනීමට හැකිවූ බවය,
ඒ බවඊයේ (20දා) හොරණ මූලික රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ සාක්ෂියෙන් ද අනාවරණය වූ බව හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැවසීය
දේහය කළුතර, බණ්ඩාරගම පාරේ වෑවිට නිවසේ තැන්පත් කර ඇති අතර, අද (21දා,) අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය