අයි.ඕ.සි. ඉන්ධන පිරවුම්හලක ඇතිවුණු නොසන්සුන් කාරී තත්ත්වය මල සිරුරක් විසින් මද වේලාවකට සන්සුන් කිරීමේ සිද්ධියක් බන්ඩාරගමින් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
දින තුනකට පමණ පසු බණ්ඩාරගම පානදුර මාර්ගයේ අයි ඕ සි ඉන්ධන පිරවුම් හලට ඉන්ධන පැමිණි අතර පාරිභෝගිකයන් විශාල පිරිසක් සිය වාහන තබාගෙන පෝලිම් වල රැඳී සිටියහ.
පාරිභෝගිකයන් විසින්ම සංවිධානය වි ඔහුනොවුන්ගේ වාහන වල ඔවුන් සිටි අනු පිලිවෙලට අංක ගසාගෙන පෝලිමේ රැඳී සිටියේ පෝලිමට පිටතින් පැමිණ බාහිර පුද්ගලයන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන ලෙස ආරක්ෂාව ද තර කරමිනි.
එහෙත් ඒ සියලු සංවිධාන කටයුතු බිඳ දමමින් විවිධ පුද්ගලයන් වරින් වර පෝලිමට සිය වාහන වංචනික ලෙස රිංගවීමට කටයුතු කිරීමට පෙළඹීමෙන් ඉන්ධන ලබා දීම ආරම්භයේ සිටම පෝලිමේ විවිධ තැන් වල බහින්බස් වීම් සිදුවූ අතර ඇතැමෙක් අතර ගුටි බැට හුවමාරු සිදු වීමට ඔන්න මෙන්න කියා තිබියදී එහි සිටි පාර්ශවයන් විසින්ම දෙපසට කර සමථ කළහ.
ඒ අතර තුර බණ්ඩාරගම ප්රදේශයේම මල් ශාලාවක වෑන් රථයක් පෝලිම ආරම්භ කරන ස්ථානයට පැමිණ නතර කරන්නට වූයෙන් එහි සිටි බහුතර දෙනාගේ දෙනෙත් එයට යොමු විය.
එහි සිටි රියැදුරා ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළු අමතා මළ සිරුරක් වෑන් රථය තුළ තිබෙන බවත් කොළඹ ගෙන යාමට ඉන්ධන ලබා ගැනීමට පැමිණි බවත් පැවසීමත් සමඟ ම නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි සියලු දෙනාගේ අවධානය මළසිරුර ගෙනා වෑන් රථය දෙසට යොමුවන්නට විය.
ඒ සමගම බහින්බස් වීම් සහ නොයෙකුත් හැලහැප්පීම් මැද සිටි බහුතරයක් දෙනා වෑන් රථය අසලට විත් එහි වීදුරු තුළින් මළසිරුර නරඹමින් රියදුරුගෙන් විස්තර අසන්නට වුයේ ඊට සුළු වේලාවකට පෙර පැවති සියලු වාද භේද අමතක කර දමමිනි.