ඉන්ධන නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් කැකිරාව නගරය මධ්‍යයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් ඊයේ (19දා) රාත්‍රියේ පැවැත් වූ පුවතක් වාර්තාවේ.
කැකිරාව නගරයේ සංගීත කණ්ඩායමක් විසින් දින ගණනාවක් පෝලිම් වල සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් මෙය සංවිධානය කොට තිබිණි පෝලිම් වල රැඳී සිටින පිරිස් මෙම ස්ථානයට පැමිණ ගී ගයමින් නටමින් විනෝද වන්නට විය.
