දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේ ඊයේ (28දා) රාත්රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්රධාන මාර්ගය හරහා පාර මාරුවීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය පවසයි.
අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරු දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත දර්ගා නගරය දෙසට පැමිණීමේදී රාත්රී 11.20 ට පමණ දර්ගා දර්ගානගරයේ ඉන්ධන හල ඉදිරිපිට පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගානගරය, පුවක් වත්ත ,අලවතුගොඩ අංක187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද(58) නැමැති විවාහකයෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්රියේ එම ලොරියත් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ශින අධිවේගී ප්රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරු වීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.
අනතුර සිදු කළ සැකකාර ටිපර් රථ රියදුරු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද(29දා) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා