ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන රැගත් නෞකා දිවයිනට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව දැනට පවතින් ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් අඩුවෙනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මෙන්ම බොරතෙල් රැගත් නෞකා මෙසේ දිවයිනට පැමිණිමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.
මේ වන විට ක්‍රමයෙන් ඉන්ධන පෝලිම් අඩුවෙමින් පවතින බවත් ඉන්ධන බෙදා හැරීම කඩිනම් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක්ද ස්ථාපිත කර තිබේ.