දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනිම සඳහා මාතලේ තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු එම තෙල් පොලිමේදීම මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
මාතලේ කිවුල බණ්ඩරපොල පදිංචිව සිටි කුලසේකර මුදියන්සේලාගේ නිමල් චන්ද්‍රෙස්කර නැමැති (63) හැවරදි මෙම පුද්ගලයා ඉන්ධන ලබාගැනීමට මාතලේ පරණ පොලිසිය අසල තෙල් පොලිමේ රැදි සිටියදී ඊයේ රාත්‍රි (25) මරණයට තිබේ.
මෘත දේහය මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති අතර අදාළ සිද්ධිය පිළිබද පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරයි.
මාතලේ රවීන්ද්‍ර විරාජ්