ඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.
ඒ අනුව චීනයේ සිනොපෙක් සමූහය සහ බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ඇතුළු විවිධ සමාගම්වලින් යෝජනා 27ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි
කෙසේ වෙතත් යෝජනා 27ක් අතරින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සමාගම් 4කට පමණක් අවස්ථාව ලබාදිමට සැලසුම් කර තිබේ.
සකස් කරන ලද ආකෘතිය යටතේ සමාගමට ඉන්ධන ආනයනය කර සැපයීමට සිදුවනු ඇති අතර ප්‍රවාහන පහසුකම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපයනු ලැබේ.