ඉන්ධන ප්‍රමිතිය පිලිබඳ සැකයක් පවතින්නේනම් ඒ පිලිබඳව ඛණිජ තෙල් සංස්ථාවට දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 011 5 234 234 හෝ 011 5 455 130 යන අංක වෙත ඒ පිළිබද දැනුම්දීම් කළ හැකි බව විශය භාර අමාත්‍ය කාංචන විජේසේකර අද (02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් පලකරමින් ප්‍රකාශ කර සිටියි.
එමෙන්ම දිවයින පුරා අඛන්ඩව ඉන්ධන බෙදා හැරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියි.