අද සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම් හල් තුලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක් ද ත්රීරෝද රථ සඳහා රුපියල් 3000ක් ද මෝටර් රථ සහ වෑන්, ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීම සිමා වනු ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් බස් රථ ලොරි රථ සහා වාණිජමය රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේදි මෙම සීමාවන් අදාල නොවන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියි.