ඉන්ධන මිලවැඩි වූවද හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොමැති නිසා ඉන්ධන හල් වසා දමා තිබේ. මේ අතර තොග ලැබෙන තුරු වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල් අසළ වාහන ගාල් කර තිබෙන අයුරු කැමරාවේ සටහන් විය.
ඉන්ධන මිල වැඩි වීම ලෝක වෙළදපොලේ අනුව සිදු වූවක් බවත්, වැඩි වූ මුදල තමන්ට දරා ගත නොහැකි බවයි හැටන් ප්‍රදේශයේ වාහන හිමියන් කියා සිටියේ. ඉන්ධන මිල වැඩි වීමට සාපෙක්ෂව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද ඉහළ යා හැකි බවයි ජනතාව කියා සිටින්නේ.
