අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඩීසල් මෙට්රික් ටොන් 18,000ක්, පෙට්රල් මෙට්රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්රික් ටොන් 3,000ක් අඩංගු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
එසේම එම ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බව බවත් ඇනවුම් කළ සියලුම නෞකා දිවයිනට පැමිණෙමින් තිබෙන බවද ඔහු පැවැසීය.