ලබන මාසයට අදාළව සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන හල් 162ක් පමණ සියයට 50ක තොගය පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව ඉන්ධන හ් 101ක් ඔක්ටේන් 92 පෙට්‍රල් වෙනුවෙන්ද ඉන්ධන හල් 61ක් ලංකා ඔටෝ ඩීසල් වෙනුවෙන්ද මෙසේ සියයට 50ක තොගය පවත්වාගෙන නොමැති බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැන්වූ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
එසේම ඊයේ දිනය වෙනුවෙන් ඔවුන් ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කර නොමැති බවද ඔහු පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඒ අනුව ඇණවුම් නිසියාකාරව සිදුකරන ලෙසත් ප්‍රමාණවත් තොග පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යවරයා ඉන්ධන හල් වෙත දන්වා සිටියි.