ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන ගබඩා කර ඇති ටැංකි මහජන ඉල්ලීම් මත විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
මෙවැනි ආකාරයේ විවෘත කිරිමකදී යම් හෙයකින් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු අනතුරුදායක ක්රියාවක් සිදුකළ හොත් හෝ අත්වැරදීමකින් යම් සිදුවුවහොත් පොලිස් නිලධාරීන්ට ඒ සම්බන්ධව වගකීමට බැදීමට පොලිස් නිලධාරීන්ට සිදුවන බැවින් පොලිස් මූලස්ථානය මෙම උපදෙස් දී තිබේ.
මේ අනුව පොලිස් නිලධාරීන්ට ඉන්ධන ටැංකි විවෘත කරන ලෙස ඉල්ලීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.