ඉන්ධන ඌණතාවත් සමග ඇතැම් පුද්ගලයන් බූලිවලට, බැරල්වලට හා කෑන්වලට ඉන්ධන ලබාගොන් වැඩි මිලට අලෙව් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම තත්ත්වය අනුව මේ වන විට ක්‍රියාත්මක කළ වැටලීම් තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය.
අද දින සිට මෙම සැලසුම් කළ බවත් හෙට සිට වැටලීම් වැඩි කරන බවත් ඛනිජ තෙල් නිෂ්පාදන, පාලන හා සැපයීමේ පනත අනුම මෙම වැටලීම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙහිදී වරදකරුවන් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
ඒ අනුව භාජනවලට ඉන්ධන රැස් නොකරන ලෙසත් ඒවා ජාවාරම් කිරීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.