මහ කන්නයේ අස්වනු නෙලිමේ කටයුතු සදහා ඉන්ධන ලබා ගැනිමේ දි ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලදි ගොවින්ට ගැටළුවලට මුහුණපැමට සිදුවන බවට තොරතුරු ලැබි ඇති බවත් එවැනි අවස්ථාවලදි එම ගොවින්ට ගොවින්ගේ ඉල්ලිම මත ඉන්ධන ලබාගැනිම සදහා ලිපි නිකුත්කිරිමට කටයුතු කරණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඉල්ලිම් ඉදිරිපත් කරණු ලබන ගොවින් මහ කන්නයේ වී වගාකළ ගොවීන් බවටත් , වගාකරණු ලැබු බිම් ප්‍රමාණය තහවුරු කරගැනිමෙන් පසු අදාළ ලිපි නිකුත් කිරිමට කටයුතු කරණ ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි ඇත.
ඒ අනුව ගොවින්ට අදාළ ලිපි නිකුත් කිරිම සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්රික්භාර නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරු වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානභාර ගොවිජන සංවර්ධන නිලධාරින් වෙත බලය පවරා ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.