ඇගැයීමකින් අනතුරුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවත් වැඩි කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි.
අමාත්‍යවරයා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉදිරි මාස හය සඳහා ඉන්ධන ආනයනය සහ සැපයුම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අද පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.
ඒ අනුව, ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, ඉන්ධන කෝටාව, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, බෙදා හැරීම සහ ඉන්ධන පිරවුම්හල් සමඟ ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. මේ අනුව, අදාළ ඇගයීම් අවසන් වූ පසු අගෝස්තු මාසයේදී දැනට පවතින ඉන්ධන කෝටාව වැඩි කිරීමට සැලසුම් කරන බව අමාත්‍යවරයා කීවේය.