ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේදී ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ලබන මාසයේදී සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයත් සමග මෙසේ ඉන්ධන කෝටාව ඉහළ දැමිමට නියමිතය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරණ, මූල්‍ය හා වාණිජ අංශ සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ඉදිරිය සඳහා ඉන්ධන ආනයනය, මූල්‍ය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව අමාත්‍යවරයා පැවැසීය.