ඉන්ධන ආනයනයට වසරකට වැයවන මුදල මෙන්න
ඉන්ධන ආනයනයට වසරකට ඇ.ඩො බිලියන 5ත් 6 ක් අතර මුදලක් වැය වන බව ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටකට දැරිය නොහැකි අතිවිශාල මුදලක් බවයි. වසරකට තේ,රබර්, පොල් හා මැණික් වැනිදෑ අපනයන ආදායමෙන්ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඇ.ඩො. බිලියන 12 ක පමණ ආදායමක් බවත් එයින් වැඩි ප්‍රමාණයක් තනි ආදායම් ද්‍රව්‍යයක් සඳහා වැය වන බවත් හෙතෙම පැවසීය.
මේ නිසා මෙම තත්වය වෙනස් කිරීමට සූර්ය විදුලි බලයෙන් ධාවනය වන බස් රථ හඳුන්වාදීමට ක්‍රියා කරන බවත්, කොළඹ, ගම්පහ වැනි බස්නාහිර පළාත අවරණය වන පරිදි මෙය ක්‍රියාකිරීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින බවත් හෙතෙම මෙහිදී පැවසීය.
popular news
-
CC Wednesday, 01 March 2023 06:00 AM
අපේ රට කුඩා රටක් ,කුඩා ආර්ථිකයක් ඇති රටක් නමුත් මේ රටේ පාලකයන්ට ඉහල රාජ්‍ය නිලධාරීන්ට ඒක තේරෙන්නේ නැහැ බලන්න කරන නාස්තිය වංචාව දූෂණයල බලන්න උන් පාවිච්චි කරන වාහන ,නිල නිවාස අනෙකුත් වරප්‍රසාද දියුණු රටවලවත් තිබේද? මේ රටේ දේශපාලනය ආශ්වාද ජනක රැකියාවක් දූෂිත පාලකයන්ට ඇතිපදම් මහජන ධනය ගසා කන්න,ඒ නිසා මෝඩ බහුතර ජනයා විවිධ පොරොන්දු මගින් රවටාගෙන බලයට ඇවිත් රට කනවා ,ණය අරන් ලෝකෙටම ණය වෙලා රටත් ජනතාව ත් උකස් තියලා තියනවා. මොකද්ද කර ඇත් සැලසුම රට හදන්න,සැලසුම් හැදුවත් ඒවා තුණු කූඩේ හොරකමට වඩා වාසිදායක දේ මොවුන් කරන්නේ.මේ රට මෙහෙම පවතින එකත් පුදුමයි. ජනතාව නන්ත්තාරයි,
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

