ඉන්ධන අවසර පත ගැන ව්‍යාජ වෙබ් අඩවිවලට යන්න එපා
ඉන්ධන සඳහා අවසරය දෙන ජාතික පද්ධතියට (QR කේතය) ප්‍රවේශය ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක සහ මාර්ගගත පණිවිඩ සේවාවල වංචනික අන්දමින් සැකසූ ව්‍යාජ වෙබ් ලිපිනයක් (URL) දැනට සංසරණය වන බව Sri Lanka CERT මහජනතාවට දැනුම් දෙයි.
මැද පෙරදිග පවතින තත්වය මධ්‍යයේ ගෝලීය ආර්ථිකයේ මතු වී ඇති අවිනිශ්චිතතාවය නිසා සැපයුම් සඳහා බාධා මතුවීමත් සමග, රජය විසින් QR කේතය හඳුන්වා දෙන ලද්දේ ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහාය.
මෙම වංචනික වෙබ් ලිපිනය පරිශීලකයින් නොමඟ යැවීමට මෙන්ම පුද්ගලික හෝ මූල්‍ය හෝ තොරතුරු ලබා ගැනීමට වෑයම් කරන මාර්ගගත වංචාවක කොටසක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සැක සහිත නිල නොවන වෙබ් අඩවි, පණිවිඩ යෙදුම් හෝ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කර ඇති වෙනත් නොදන්නා සබැඳි පරිලෝකනය කිරීම (scan) හෝ ක්ලික් කිරීම හෝ නොකරන ලෙස Sri Lanka CERT මහජනතාවට තරයේ අවවාද කරයි. මෙම වංචාකාරී QR කේත පරිලෝකනය (scan) කරන්නන්, බැංකු ගිණුම් තොරතුරු, පුද්ගලික තොරතුරු ආදිය සොරකම් කිරීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු වීමේ අවදානමක් ද පවතී.
QR කේතය සඳහා පහත නිල වෙබ් සබැඳිය කරුණාකර භාවිතා කරන්න.
https://fuelpass.gov.lk
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

