පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා අද (18දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ඉන්ධන ලබා ගැනීම සඳහා පමණක් නම් කර තිබෙන ඉන්ධන පිරවුම්හල් වලට සතියකට වැඩි කාලයක් ඉන්ධන නොලැබීමේ හේතුවෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
සෞඛ්‍ය සේවකයින් සඳහා රජය විසින් පිරවුම්හල් නම් කර ඒවායෙන් සෞඛ්‍ය කාර්යය සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට පමණක් ඉන්ධන ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළත් ඉන්ධන පිරවුම්හල් අසල මැර කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් ඇතුළු වෙනත් පාර්ශවයන් විසින් සිදු කරන බලපෑම් ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් එම ඉන්ධන ලබා දීමේ වැඩ පිලිවෙල අසාර්ථක වී තිබෙනවා.
ඒ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.
අද වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් සියයට අනූවකට පමණ රාජකාරියට වාර්තා කිරීමට නොහැකි තත්වයක් ගත වෙලා තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන්ද දැඩි අපහසුතාවට පත් වෙලා.
රෝහල තුල පවතින වෛද්‍යවරු සහ සේවකයින්ගේ හිඟය හේතුවෙන් අපහසුතාවයට පත්වූ රෝගීහු පැවසූයේ. ප්‍රවාහන අපහසුතා නිසා විශාල මුදලක් කුළී රථ වලට ගෙවා තමන් පැමිණි බවත් බස්රථ නොමැති වීම හේතුවෙන් සායන වලට සහභාගී වීම සඳහා දිනකට පෙර තමන් රොහලට පැමිණ සිටින බවය.
