හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට අද (22දා) පෙට්‍රල් ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පෝලිම් වල රැඳී සිටියහ.
දික්ඔය මුලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනිමට ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි අතර , එහිදි ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පෝලිම් වල රැදි සිටි පිරිස සහ ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය ප්‍රමුඛතාවය මත පෝලිම්වලින් බාහිරව වෛද්‍යවරුන්ට ඉන්ධන ලබාදිමට පියවර ගැනුණි..
ඉන්ධන ලබාගැනිමට යතුරුපැදියෙන් පැමිණි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ තම මෝටර් රථයට විශාල වශයෙන් ඉන්ධන වැයවන නිසා තමන් මෙම අර්බුදය නිම වන තෙක් යතුරුපැදියක් භාවිතා කරන බවයි.

