පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් මන්නාරමේ ධීවරයින් මාස එකහමාරකට ආසන්න කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් 2000 කට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට මන්නාරම් ධීවර සංගම් පෙන්වා දෙයි.
ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ධීවරයින් විශාල පිරිසකට මුහුදු යාමට නොහැකි වී තිබෙන අතරම එම ධීවරයින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද මන්නාරම් ධීවර සංගම් විසින් පවසයි.
එමෙන්ම ධීවරයින් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් මන්නාරමේ මාළු මිල ගණණ් අධික ලෙසින් ඉහල ගොස් ඇති අතර එහිදී කුට්ටි මාළු තලපත්, තෝරා , මෝරා, කෙලවල්ලා, බලයා ආදි මත්ස්‍ය කිලෝව රුපියල් 2500 කට ආසන්න මිලකට අලෙවි වීම හේතුවෙන් පාරිභෝගිකයින්ද දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති.
එමෙන්ම මන්නාරමේ සිට කොළඹ දක්වා පසුගිය කාලයේදී විවිධ ප්‍රදේශයන් වෙත මාළු ප්‍රවාහනය කෙරුනද මේ වන විට මත්ස්‍ය ප්‍රවාහනයද ඉන්ධන නොමැතිකම හේතුවෙන් සම්පූරණයෙන්ම නැවතී ඇතැයි මන්නාරම් ධීවරයින් පවසති.
මේ අතර මන්නාරමේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට මුහුදු යාමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීමත් සමග එම ධීවරයින් වෙනුවෙන් කිසියම් ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසටද මන්නාරම් ධීවර සංගම් විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.