ඉන්ධන අර්බුදයක් හා විදුලිය අර්බුදයක් නෑ
රටේ ඉන්ධන අර්බුදයක් හෝ විදුලිය අර්බුදයක් නොමැති බවත් ඇත්තේ විදේශ විනිමය අර්බුදයක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපේ රටේ ඉන්ධන අර්බුදයක් වත්, විදුලිය අර්බුදයක්වත් නෙමෙයි තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21ක් ආනයන සඳහා වැය කරලා තියෙනවා.මේකෙන් ඩොලර් බිලියන 2.8යි වියදම් කරලා තියෙන්නේ ඉන්ධන ආනයනය කරන්න.
ඒ කියන්නේ නිසිලෙස සකසුරුවෙනම් පාලනය කළොත්, අනවශ්‍ය වියදම් කපා දැමුවොත් අපිට හැකියාව තියෙනවා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කරන්න. ඒ හරහා අඛණ්ඩ විදුලිය සැපයුමත් සහතික කරන්න.
මමද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගෙන ඇපල්, මිදි, දොඩම් කාලා කලුවරේ ඉන්නවද? පිටරටින් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතිව ඉන්නවද? නැත්නම් ඒවට කැපකිරීම් කරලා අත්‍යාවශ්‍ය භාණ්ඩ වන ඖෂධ හා ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනියමය වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවද කියන ප්රශ්නය ගැන ආණ්ඩුව තීන්දුවක් ගත යුතු මයි.
ඒ තීන්දුව නොගත් නිසා තමයි ඇපල් මිදි ඇත. තෙල් ටික නැත. මී පැණි ඇත එහෙත් ඖෂධ නැත. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටියි. නැත්තේ ඩොලර්ය.
ඉන්ධන අර්බුදයක් තියෙයි නම් තෙල් නැව් ඇවිදින් ඩොලර් දෙනකම් බලාගෙන ඉන්නේ නෑනේ. ලෝක යුද්ධයක් ඇතිවුණත් ඉන්ධන අර්බුදයක් නෑ. අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න හැකියාවක් තියෙනවා ඒවාට ගෙවන්න පුළුවන් විදේශ විනිමය සපයා ගත හැකිනම්.”

popular news
-
ජයනාත් මධූ Wednesday, 02 March 2022 07:32 AM
අපි නෙමෙයි ඇපල් මිදි ගෙන්වන්නේ.රජයේ මැදිහත්වීමක් තියෙන්න එපැයි වරායෙන් රිලීස් කරන්නත්.උන්ම කරල අපිට අහවල් එකක්ද කියන්නේ.උබලට කරන්න බැරි නම් අපිට දීපල්ලා.අපි කරලා දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

