දිවයින පුරා ඇති ඉන්ධන හල් 1044ක් වෙත පසුගිය දින 3 ක කාලය තුළ පෙට්‍රල් හා ඩීසල් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එසේම ඉන්ධන හල් 40ක් වෙත කිසිම තොගයක් නිකුත් කර නොමැති බවද ඔහු පවසයි. එම ඉන්ධන හල් අක්‍රීය තත්ත්වයේ හෝ ඔවුන් කිසිඳු ඇණවුමක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
නාගරික ඉන්ධනහල් වෙත දිනකට දෙපාරක් පමණ තොග නිකුත් කරන බවත් ඇතැම් ඒවාට දිනකට එක්වරක් ලබාදෙන බවත් ඔහු පැවැසීය. තවත් ඉන්ධනහල් වෙත දිනක් ඇර දිනක් ඉන්ධන නිකුත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.