ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
ඒ අනුව, දිවයිනට පැමිණි Sigma Corvette FS වර්ගයට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Annugerah Anurullah කටයුතු කරනු ලබයි.
මෙම යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.
තවද, මෙම සංචාරය දෙරටේ නාවික හමුදා අතර වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම, අන්තර් මෙහෙයුම් ක්‍රියාකාරිත්වය අවබෝධය වර්ධනය කර ගැනීම සඳහාද දායකත්වයක් ගෙන දෙනු ලබයි.
