ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංව්ධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධ වලට අනුබල දුන් දෙදෙනෙකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයෙකු සහ හොරණ ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවත්, පානදුර හිරණ මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවටත් හදුනාගෙන තිබේ. එම සැකකරු පානදුර නිලංග නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදී ලබාදීම වෙඩි තැබීම් සඳහා සැලසුම් කිරීම, ගංජා ජාවාරම් හෙරොයින් ජාවාරම් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු බවටද හදුනාගත් බව පොලිසිය කීය.
ඇඹිලිපිටිය සුරංග නමැත්තාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ,පානදුර නිලංග නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සම්බන්ධයෙන් භාවිතා කළ ගිනි අවි හොරණ පොලිස් බල ප්‍රදේශයේ බටුවිට ප්‍රදේශයේ නිවසක සගවා ඇති බවටද තොරතුරු හෙලිවූ බව පොලිසිය පවසයි .
ඒ අනුව හොරණ බටුවිට ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සගවා තිබූ ටී 56 ගිනි අවියක්, එම මැගසිනයක් සහ පතුරම් 30 ක් මෙම වෙඩි තැබීම් සඳහා දුරකථන සන්නිවේදන සඳහා භාවිතා කළ ජංගම දුරකථන 7 ක් ද සොයාගත් බව පොලිසිය පවසයි .
එමෙන්ම මෙම නිවසේ සඟවා තිබූ තවත් ගිනි අවි රැසක්ම මේ වනවිට අවස්ථානගත වී ඇති අතර, එම ගිනි අවි සොයා ද ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
පානදුර සුමිත් පොතුපිටිය