ඉන්දීය ‘INS GHARIAL’ යුද නැව කොළඹට එයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි ‘INS GHARIAL’ යුද නෞකාව, දිගින් මීටර් 124.8 ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස COMMANDER, GAURAV TEWARI, කටයුතු කරනු ලබයි.
මෙම සංචාරයේදි, පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක හානියට පත් පාලම් යතාවත් කරන තෙක්, තාවකාලිකව ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් නෞකාව මඟින් රැගෙන ආ තාවකාලික පාලම් (Baily Bridges) දහයක් (10) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදීමට නියමිතව ඇත.
තවද, ‘INS GHARIAL’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර, සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

