ඉන්දිය හමුදා ලංකාවට එවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම වාර්තා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්ත්වය පිළිඹිබු නොවන බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රි ලංකාවේ ආර්ථික සමෘද්ධිය, ස්ථාවරත්වය හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.