අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තූතිය පළ කළේය.
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු විය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූතිය කළේය.
