උතුරු මුහුදට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්රා 135 ක් වෙන්දේසි කිරීමට ඊයේ (07දා)යාපනය කරෙයිනගර් ධීවර වරායෙදී නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
අදාල ඉන්දීය ධීවර යාත්රා වෙන්දේසි කිරීමේ අවස්ථාවට යාපනයේ ධීවරයින් මෙන්ම දිවයින් විවිධ ප්රදේශයන්හි සිට ගනුදෙනුකරුවන් පැමිණ සිටි අතර ධීවර යාත්රා වෙන්දේසියෙන් රුපියල් පනස් දෙලක්ෂයකට අධික මුදලක් රජය විසින් උපයාගනු ලැබීය.
වෙන්දේසියට ලක් වූ ඉන්දීය ධීවර යාත්රාවල වැඩිම මිලකට වෙන්දේසි වී ඇත්තේ අඩි 48 ක් දිගින් යුත් යාත්රාවක් වන අතර එය රුපියල් 1,350,000 මුදලකට වෙන්දේසි විය.
කෙසේ වෙතත් නාවික හමුදා භාරයේ ඉන්දීය ධීවර යාත්රා 155 ක් සහ මෙරට ධීවරයින්ගේ යාත්රා 3 ක් තිබූ අතර ඉතිරි යාත්රාද සියල්ලක්ම ඉදිරි දිනයන්හි වෙන්දේසි කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
මේ අතර අදාල ඉන්දීය ධීවර යාත්රා වෙන්දේසි නොකරන ලෙසට ඉල්ලමින් ඉන්දීය ධීවර සංගම් කිහිපයක් විසින් තමිල්නාඩු මහඇමතිවරයාට ලිපියක්ද භාර දෙමින් ශ්රීලංකා රජයට බලකරන ලෙසටද ඉල්ලා තිබෙන අවස්තාවක මෙලෙස ඉන්දීය ධීවර යාත්රා වෙන්දේසි විය.


