ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා 12/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 031 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු පිළිගැනීම සදහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා 12/23 දින සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යාමට නියමිතය


