ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අප්‍රේල් 19 සහ 20 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවත්, මෙය ඉන්දීය උප ජනාධිපතිතුවරයාගේ පළමු ද්විපාර්ශ්වික ශ්‍රී ලංකා සංචාරය බවත් නිවේදනය කරයි.
මෙම සංචාරය අතරතුර ඉන්දීය උප ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙන්ම වෙනත් සම්භාවනීය පුද්ගලයන් සහ ඉන්දීය ඩයස්පෝරා නායකයන්ද හමු වනු ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ මහාසාගර් (MAHASAGAR) දැක්ම සහ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය තුළ ඉතා වැදගත් සහකරුවෙකු වේ. උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මෑත කාලීනව දෙරට අතර සිදු වූ ඉහළ මට්ටමේ සබඳතාවලින් අනතුරුව සිදු වන අතර, එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන ඉපැරණි ජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.