ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ශ්රී සී.පී. රාධක්රිෂ්ණන් මහතා අතර නිල හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු විය.
මෙම සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා ශ්රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්රජාව හමුවීමට නියමිතය.අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතය.