ඉන්දීය ආරක්ෂක ඇමති සීතා අම්මාන් කොවිලේ ආශීර්වාද පූජාවක
තෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා (10) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පුජාවකට සහභාගි විය.
එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිලි ගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබූහ.
පූජාවෙන් අනතුරුව ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාට සිහිවටනයක්ද පිලිනැමීමට එම භාරකාර සභාවේ සභාපතිවරයා පියවර ගත්හ.
කොළඹ සිට ගුවන් හමුදාවේ Mi17 හෙලිකොප්ටර් යානයකින් නුවරඑළිය නගර සභා ක්‍රිඩාංගණය වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාතික ජන බලවේගයේ) මංජුල සුරවීරආරච්චි මහතා විසින් පිලිගනු ලැබූහ.
ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව යටතේ සීතා අම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා එම කොවිලේ පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යලිත් එම හෙලිකොප්ටර් යානයෙන්ම කොළඹ දක්වා පිටත්ව යන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

