ඉන්දීය ආධාර රැගත් 8වැනි යානයත් එයි
ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන යානයත් 12/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110 ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාළමක් රැගෙන විත් තිබූ අතර , එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10 න් 02 වැනි එකකි.
මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි . පසුව මෙම පාළම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය .මීට අමතරව බෝට්ටු , සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද තිබුණි .
මේවා රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම ගුවන් යානය 12/04 දින පස්වරු 01.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

