ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් අද (31දා) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පැවසීය.
දුම්රියෙන් එලෙස ගෙන ආ භාණ්ඩ වල කිරිපිටි කිලෝ 7500 ක් සහ සහල් උර 20,000ක් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙලෙස රැගනවිත් ඇති අතර එම ආධාර අද (31දා) සිට ආර්ථික අපහසුතා සහිත දිළිඳු පවුල් වෙනුවෙන් බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ප්‍රදේශභාර ග්‍රාමසේවක නිලධාරීන්ගේද සහය ඇතිව ඉන්දීය ආධාර ඉදිරි දින කිහිපයේදී බෙදාහැරීමට පියවර ගෙන ඇත.
ඉන්දීය අධාර රැගත් දුම්රිය යාපනය දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවට යාපනය දිසාපති, යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් සහභාගී වූහ.
මීට පෙරද ඉන්දියාවේ සිට යාපනයේ ජීවත්වන දූපත්වාසී ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් ලීටර් 15,000 ක්ද යාපනයට ලැබුනු අතර එම ඉන්ධනද දූපත් ජනතාවට බෙදා හැරීමට පියවර ගෙන ඇතැයිද යාපනය දිසාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.


