ඉන්දීය ආධාර මත ඉදිවන නිවාස 10000 ප්‍රගතිය
ඉන්දියානු ආධාර මත ඉදිවන නිවාස දසදහසේ ව්‍යාපෘතිය යටතේ හැටන්,මහනුවර, නුවරඑළිය, සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල 2024 වර්ෂයේ අවසන් වනවිට වැඩනිමකොට ඇත්තේ නිවාස 05ක් පමණක් බවත් තවත් නිවාස 459ක ඉදිකිරිම් විවිධ අදියරයන්වල පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම 2024 වර්ෂයේ නිවාස 200ක් ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණද වර්ෂය අවසන්වනවිට මුල්‍ය ප්‍රගතිය මිලියන 496.69ක් බවද විගණන වාර්තවේ සදහන් වේ. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 14කි. යටිතල පහුසකම් සංවර්ධනය කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණද 2024 වර්ෂයේ අවසන්වනවිට ඉන් වියදම්කොට ඇත්තේ රුපියල් මිලියන 65.40ක් හෙවත් සියයට 22ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්දයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන සංවර්ධන අමාත්‍යංශය ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන්කොට ඇත්තේ ක්‍රියාත්මක කිරිමේ ආයතන කැදවා නිවාස ඉදිකිරිමට අවශ්‍ය සම්බන්දිකරණ කටයුතු සිදුකරණ බවය. මේ වනවිට මෙකි ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය සියයට 33ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යාපෘති 22කට හයකෝටි ,හැටතුන්ලක්ෂ,අනුපන්දහස්හතරයි ශත තිස්පහක (66,395,004,35) මුදලක් ගෙවිම් කොට ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
ව්‍යාපෘතිවලට නොපමාව විදුලි සැපයුම ලබාදිමටත් ඇස්තමේන්තු ලබාදි නොමැති ව්‍යාපෘති සදහා ඇස්තමේන්තු ලබා ගැනිම සදහාත් අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති බවත් ව්‍යාපෘති 21ක් සදහා ඇස්තමේන්තු අනුමතකර ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන සංවර්ධන අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

