ඉන්දියාවෙන් ලැබුණ මානුෂීය ආධාර බෙදාදීමේදි තමන් බලපැම් කළ බවට පලවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව සඳහන් කළ ග්‍රාම නිලධාරී සංගමයෙන් තමන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවද ඔහු පවසයි. ඒ සඳහා සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට හෝ පිළිතුරු දිමට අපොහොසත් වන්නේ නම් නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසයි.