පාලමක් හදන්න හැදුවේ විමල්
- 30 08 2016
- 21:33
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකුව සිටි සමයේ අමාත්‍යංශය විසින් සැකසූ "2011 ජාතික භෞතික සැලැස්ම" මගින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීම සම්බන්ධයෙන් යෝජනාවක් කර ඇතැයි එජාප පා.ම එඩ්වඩ් ගුණසේකර මහතා සිරිකොතදී අද පැවති මාධ්‍ය හමුවකදී පැවසූ අතර "2011 ජාතික භෞතික සැලැස්ම" පොත මාධ්‍යයට අනාවරණය කළේය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් හැදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා නඟන්නේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරු බවද පැවසූ ඒ මහතා මෙම පොතින් එහි සත්‍ය අසත්‍යතාවය හෙළිවන බවද පෙන්වාදුන්නේය.
මෙම පොත එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූවක් බවත්, අදාළ පාලම තැනීම සඳහා අයෝජන මණ්ඩලය හා මහමාර්ග අමාත්‍යංශය සම්බන්ධ කර ගැනීම සඳහා යෝජනා කර ඇති බවත්, ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
