ඉන්දියාවේ, පාන්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මගී යාත් රා(ෆෙරි) සේවය අප්‍රේල් 29 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමේ දී කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් දියුණු කිරීම යටත්ව නව මගී පරියන්තයක් ඉදි කිරීමට නියමිතය.
එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කරන අතර එක් මගියෙකුට කිලෝග්‍රෑම් 100ක් භාණ්ඩ රැගෙන යා හැකියි.
ෆෙරි යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකු පමණ රැගෙන යා හැකි අතර කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා යාත්‍රා කිරීමට පැය 04 ක් පමණ ගත වෙයි.