ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
මෙරට විශාලතම වෙළද හවුල්කරුවා බවට ඉකුත් වර්ෂයේ දි (2025) ඉන්දියාව අභිබවා යමින් චිනය පත්ව ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.2021-2024 කාලය තුලදි මෙරට විශාලතම වෙළද හවුල්කරුවා බවට ඉන්දියාව පවත්ව තිබුණි.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය මෙරට තුන්වන විශාලතම වෙළද හවුල්කරුවා බවට පත්ව ඇත. චිනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් තුන මෙරට සමස්ත භාණ්ඩ වෙළදාමට ආසන්න වශයෙන් සියයට 41.1 ක දායකත්වයක් ලබාදෙන බවද මහබැංකුව පෙන්වාදෙයි. ඉකුත් වර්ෂයේ දි චිනය සමග සිදුකළ මුළු වෙළදාම ඩොලර් බිලියන 5.5කි. ඉන්දියාව සමග ඩොලර් බිලියන 5.4ක වෙළදගණුදෙනුවක් සිදුකොට තිබුණි. ආනයන සිමා ලිහිල් කිරිමත් සමග සිදුවු වාහන ආනයනය මේ සදහා ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදය සමග ඉකුත් වර්ෂයේ දි ඩොලර් බිලියන 3.5ක වෙළදාමක් සිදුකොට තිබු බවද මහබැංකුව පවසයි. මේ සදහා ඇගලුම් අපනයනය විශාල වශයෙන් දායක විය. කෙසේවුවද ඉකුත් වර්ෂයේ මෙරට ඉහළම වෙළද හිගය චිනය සමග වාර්තාකළ අතර එය ඩොලර් බිලියන 4.9කි. ඉලෙක්ට්‍රික් සහ දෙමුහුම් වාහන මෙන්ම යකඩ හා වානේ වැනි ඉදිකිරිම් ද්‍රව්‍ය ආනයනය ඉහළ ගොස් තිබුනද එයට සාපේක්ෂන අපනයන අඩු මට්ටමක පැවතිම මේ සදහා හේතුවි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
