රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාව විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් මෙම බිත්තර තොගය ආනයනය කර ඇති අතර ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර තිබේ.
දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.
මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවය.