ඉන්දියාවේ අහමදාබාද් සිට කටුනායකට සෘජු ගුවන් ගමනක්
ඉන්දියාවේ , අහමදාබාද් නුවර සිට ශ්රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත , ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , ප්රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) 06/19 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8.ඩී.- 964 දරන මෙම ගුවන් යානය 06/19 දින පස්වරු 02.10 ට කටුනායක ගුවන් තොටුපොළ පැමිණියේය .
මෙම ප්රථම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් , ෆිට්ස් එයාර් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර , එහි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 168 දෙනෙකු පැමිණ සිටියහ .
ගුජරාට් ප්රාන්තයේ ප්රධාන නගරය වන අහමදාබාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට මීට පැය 10 ක ගුවන් ගමනක යෙදීමට සිදු වී තිබූ අතර , එය මෙම නව ගුවන් සේවය මගින් එය පැය 02 විනාඩි 50 දක්වා අඩු කිරීමට සමත් වී තිබේ .
මින් පසු මෙම ගුවන් යානා සතියේ සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල අහමදාබාද් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්රියාත්මක වීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

